Desktop Environments සිංහලෙන්.............

කෙටි එත් Linux Destro එකක් භාවිත කරන කෙනෙකුට  උත්සහ කරල බලන්න පුළුවන්  දෙයක් ගැන සිංහලෙන් ලියන්න හිතුවා.

Linux Destro එකක් භාවිතා කරනකොට එම destro එකට GUI  එකක් තියනවා නම් එම GUI එකට අමතරව තවත් වෙනස්ම GUI එකක් දැනට තියන එක ඉවත් නොකර පාවිච්චි කරන්න Linux මෙහෙයුම් පද්දතියෙන් ඉඩ ලබා දෙනවා. මම මේක කරලා නැති කෙනෙකුට ආරම්භයක් වශයෙන් Gnome කියන Desktop Environment එක ස්ථාපනය කරගන්න ආකාරය විදිහ කියන්නම්.

මම මේක උත්සහ කරන්න භාවිත කරන්නේ Ubuntu 14.04 සංස්කරණය. මේ සංස්කරණයේ Default Desktop Environment එක unity කියන Desktop Environment එක. පහල තියෙන්නේ Unity screenshots කීපයක්.





අලුතින් Desktop Environment එකක් භාවිත කරන්න එක ස්ථාපනය එක කරගන්න terminal window එකක් open කරගත්තට පස්සේ පහල තියන commands අනුපිලිවලින් type කරලා enter කරා නම් හරි.

sudo apt-get update

මේ command එක type කරාම පහල පෙන්නලා තියන විදිහට password එක enter කරන්න ඉල්ලනවා.



එතකොට password එක enter කරාම පෙන්නලා තියන විදිහට terminal එකේ ඒ command එකට run වෙන්න දෙන්න.  Run වෙලා ඉවර වුනාට පස්සේ පහල තියන command එකෙන් gnome install කරගන්න.


sudo apt-get install gnome-shell



මේ command එක run වෙන අතරේ confirmation කීපයක් කරන්න වෙනවා. ඒවා පහල තියන විදිහට කරගෙන යන්න.  පලවෙනි  confirmation එක Y කියලා enter කරලා අනික් ඒවා default select වෙලා එන විදිහටම enter කරගෙන යන්න.




අවසාන වශයෙන් කරන්න තියෙන්නේ දැනට ඉන්න session එකෙන් log Out වෙලා gnome session එක තෝරාගන්න එක. ( රතු පාටින් සලකුණු කරලා තියන icon එක භාවිත කරන්න..  ).







password  එක enter කරාම පහල තියන විදිහේ  අතුරුමුහුණතක් ලැබෙන්න ඕන.



 පහල තියෙන්නේ gnome වල screenshots කීපයක්. පාවිච්චි කරලා බලන්න. හොදයි කියලා හිතනවා නම් පහලින් comment එකක් දාල යන්න අමතක් කරන්න එපා.




Comments