මගේ පලවෙනි බ්ලොග් පොස්ට් එකෙන් මම කියල දෙන්න හදන්නෙ windows වලට අමතරව Linux destro කීපයක් එක්ක වැඩ කරන කෙනෙකුට වෙන්න පුලුවන් ප්රශ්නෙකට සරල සහ ඉක්මන් විසදුමක් ගැන..
Linux Destro කීපයක් එක්ක වැඩ කරනකොට Linux වල Boot Loader එක (මේ වැඩසටහනේ නම තමා GNU Grub).මේ ප්රශ්නෙ මට ඇති වුනේ Linux Destro එකක් එක්ක වැඩ කරනකොට Windows Partition එක විතරක් format කරල නැවත Windows දාන්න වුනාම.. Windows operating system එක වැඩ කරන්නේ පරිඝනකයේ ඉන්න එකම opearting system එක windows විතරයි කියල හිතල... මේ හේතුව නිසා windows install කරාම windows boot loader එකෙන් Grub එක ප්රතිස්ථාපනය (replace) වෙනවා. එතකොට අපිට Linux destro එක පරිඝනකයේ තිබුනත් එකට පිවිසෙන්න බැරුව යන්ව. මේ ප්රශ්නෙ සරලව විසඳාගන්න පුලුවන් Grub repair එකක් කිරීමෙන්.
මේ වැඩේ කරන්න පුලුවන් ක්රම කීපයක් තියනවා.
- පලවෙනි ක්රමය තමා Boot Repair Disk කියන වැඩසටහන download කරගෙනන (download කරගන්න hyperlink එක click කරන්න) ඒ වැඩසටහන Disk Image එකක් විදිහට CD එකකට write කරගන්න. එහෙමත් නැතිනම් මේ ඉමගෙ එක Live USB එකක් විදිහට හදාගන්නත් පුලුවන්. මේකට UnetBootin හෝ LiliUSB හෝ Universal USB Installer භාවිතා කරන්න.
- ඊට පස්සේ කරන්න තියන වැඩේ සරළයි. Boot Repair Disk වැඩසටහන සහිත CD එක හෝ Live USB එක මගින් පරිඝනකය බූට් කරන්න. එතකොට පහල තියන වින්ඩොව් එක ආවම Recommended Repair කියන button එක click කරන්න.
මේ ක්රමය අමාරුයි කියල හිතෙන කෙනෙකුට මේ වැඩේ කරගන්න පුලුවන් තව විදිහක් තියනවා. ඒක තමයි Linux Destro එක install කරන්න භාවිතා කරපු Live USB එක හෝ Live CD එක පාවිච්චි කරලා...කරන්න තියෙන්නේ මේකයි.
- Live USB හෝ CD එක භාවිතා කරල පරිඝනකය බූට් කරන්න. ඊට පස්සෙ ලැබෙන menu එකෙන් try ubuntu කියන option එක තෝරන්න. (Destro එක Ubuntu නොවේ නම් අදාල Destro එකෙ Live mode එකට අදාල option එක click කරන්න)
- ඊට පස්සේ පරිඝනකයට ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවය ලබා දෙන්න.
- ඊලඟට කරන්න තියෙන්නේ Terminal එක open කරගන්න එක (Ctrl+Alt+T භාවිතා කරන්න ).
- දැන් පහත තියන command ටික Enter කරන්න... එතකොට Boot Repair එක ඔයගෙ පරිඝනකයට Download වෙනවා. (මේකට එච්චර වෙලා යන්නේ නැහැ.. පොඩි වැඩසටහනක් නිසා )
sudo add-apt-repository ppa:yannubuntu/boot-repair && sudo apt-get update
sudo apt-get install -y boot-repair && (boot-repair &)
- වැඩසටහන install වෙලා ඉවර වුනාම කරන්න තියෙන්නේ Applications වලට ගිහින් Boot Repair වැඩසටහන හොයල run කරල කලින් විදිහටම Recommended Repair තෝරන එක.. වැඩසටහන හොයන්න මහන්සි වෙන වෙලාවේ Terminal එකෙන්ම වැඩේ කරගන්න පුලුවන් වැඩි මහ්සියක් නැතුව boot-repair කියලා type කරලා enter කරානම්..
මේ විදිහටGrub Repair එක run කරලා ඉවර වුනාම පරිඝනකය Restart කරල බලන්න, Grub එකේ Windows වලට අමතරව තිබුන Linux Destro ඔක්කොම ආපහු පරන විදිහටම ඇති.

Good post brother.. keep it up..
ReplyDeletethank you aiya!!!
Delete