External Hard එකකට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරමු.........


සෑහෙන කාලෙකින් ආයෙත් බ්ලොග්පොස්ට් එකක් ලියන්න හම්බුනා. මේක මගේ පුද්ගලික අත්දැකීමක් නිසා ඉගනත්ත දෙයක්. ඉංග්‍රීසියෙන් තිබුන නිසා සිංහලෙන් ලියන්න හිතුවා. වුන දේත් කියලම ඉන්නම්කො.

මගේ පරිගණකය උබුන්ටු live image එකකින් බූට් කරලා gparted partioning tool එකෙන් external  hard disk එක ෆොර්මැට් කරන්න ගිහින් මගේ computer එකේ හර්ඩ් ඩිස්ක් එක ෆොර්මැට් වුනා. මගේ උවමනා කරන files ඔක්කොම තිබුනේ  ෆොර්මැට් වුන හාර්ඩ් එකේ නිසා recover කරගන්න ඕනෑ වුනා.

computer එකේ හාර්ඩ් drive එකට අත තියන්න බැරි නිසා මම external hard drive windows insatall කරලා ඒ hard drive එකට recovery ටූල් එකක් දාල හාර්ඩ් drive එකේ තිබුන 700GB වලට කිට්ටු දත්ත ප්‍රමාණයක් කිසිම අඩුවක් නැතුව recover කරගත්තා. මේකෙදි මට උපදෙස් දුන්න Hasindu Gamaarachchi විශේෂෙන් මතක් කරන්න ඕන.

එහෙනම් අපි වැඩේ පටන් ගමු.

පළවෙනියටම කරන්න ඕන Adminitrator විදිහට command prompt එක ඕපන් කරගන්න එක. Windows 8 හෝ 8.1 වල නම් ctrl + x බොත්තම් වලින් එන පහල මෙනුවෙන් වැඩේ කරගන්න පුළුවන්.



diskpart කියන command line partition tool එක පාවිච්චි කරලා windows ඉන්ස්ටෝල් කරන්න යන device එක partition  කරගන්න එක තමා ඊලගට කරන්න යන්නේ.
පළවෙනියට කමාන්ඩ්ස් ටික කියල ඉන්නම්.



  1. diskpart

  2. list disk

  3. select disk __ (හිස්තැනට drive letter එකේ අංකය දෙන්න )

  4. clean

  5. create partition primary size=350

  6. create partition primary

  7. select partion1

  8. format fs=fat32 quick

  9. active

  10. assign letter=b ( මෙතනදී error එකක් ආවොත් වෙන drive letter එකක් සෙට් කරන්න)
  11. select partion2

  12. format fs=ntfss quick
  13. assign letter=o  ( මෙතනදී error එකක් ආවොත් වෙන drive letter එකක් සෙට් කරන්න)
  14. Exit

කමාන්ඩ්ස් වලින් වෙන්නේ මොනවද කියල සරලව කිව්වේ නැත්නම් එක අඩුවක්.

1. diskpart ටූල් එක ඕපන් වෙනවා මේ කොමාන්ඩ් එකෙන්

2. පරිඝනකයේ  දැනට සම්බන්ධ කරලා තියන ඩිස්ක් වල තොරතුරු වගුවක බලාගන්න පුළුවන් මේ කමාන්ඩ් එකෙන්.

3. External hard drive එක තෝරාගන්නේ මේ කමාන්ඩ් එකෙන්.

4. External hard drive eke දැනට තියන partition ඔක්කොම ඉවත් කරන්නේ මේ කමාන්ඩ් එකෙන්.

5. EFI සහ boot loader එකට අවශ්‍ය 350 MB partition එක හදාගන්නේ මේ කමාන්ඩ් එකෙන්.

6.ඉතිරි hard disk space එක system එක සදහා partition එකක් විදිහට වෙන් කරනවා

7.හදාගත්ත 350 MB partition එක තෝරාගන්නවා.

8.හදාගත්ත 350 MB partition එක fat32 විදිහට ෆොර්මැට් කරනවා

9. partition එකේ active attribute  එක සෙට් කරනවා.

10..partition එකට drive letter එකක් සෙට් කරනවා.

11. system එක install කරන partiotion එක තෝරාගන්නවා.

12.partition එක ntfs විදිහට format කරනවා.

13. .partition එකට drive letter එකක් සෙට් කරනවා.

14. ටූල් එකෙන් exit වෙනවා.


ඊලගට කරන්න තියෙන්නේ windows image  එක mount කරගන්න එක.

මේ වැඩේ Windows 8 හෝ ඉහල operating system එකක නම් ISO image එක double click කරාම auto mount වෙන නිසා files ටික බලාගන්න පුළුවන් .

ඊලගට කරන්න තියෙන්නේ c drive එකේ  wim කියලා folder එකක් හදන්න ඕන.

ඊට පස්සේ mount වුන image එකේ sources කියන folder එකට ගිහින් එකේ තියන install.wim කියන file එක අලුතින් හදපු wim කියන folder එකට extract කරන්න. පරණ windows සංස්කරණයක් පාවිච්චි කරනවා නම් winrar හෝ winiso වගේ ටූල් එකක් භාවිත කරන්න.

ඊලගට කරන්න තියෙන්නේ imagex කියන command line tool එක පාවිච්චි කරලා වින්ඩෝස් 8  files ටික usb device එකේ OS partition එකට extract කරගන්න එක. පහල command එකෙන් එක කරගන්න පුළුවන්.
 Imagex.exe /apply c:\wim\install.wim 1 o:

වැදගත් : මේ commands වලදී කලින් දුන්න drive letters වෙනස් නම් commands පාවිච්චි කරන්න. නැත්නම් commands වැඩ කරන්නේ නැහැ. 

OS extarct කරගෙන ඉවර වුනාම කරන්න තියෙන්නේ boot manager  එක install කරගන්න එක.

එකට bcdboot කියන command line utility එක භාවිත කරන්න පුළුවන්.  පහල command එක පාවිච්චි කරලා  boot manager එක install කරගන්න පුලුවන්.

o:\windows\system32\bcdboot o:\windows /f ALL /s b:
හරියට ඉහත පියවර ටික කරා නම් දැන් ඔබ ළඟ windows install කරපු usb device එකක් තියෙන්න ඕන.

ගැටළුවක් තියනවා නම් පහල comment එකක් දාන්න අමතක කරන්න එපා.









Comments